අතිපූජ්‍ය කොහොඹදමනේ ඤානරතන නාහිමිපාණන් වහන්සේ විසින් 2005 වර්ෂයේදී ශ්‍රි ඤාණිස්සර මූලික පිරිවෙන නමින් මෙම ආයතනය ආරම්භ කරනු ලැබූහ. ඉතා කෙටි කලක් තුළ ඤාණිස්සර මහ පිරිවෙන නමින්ද උසස් කරනු ලැබූ අතර 2015 වර්ෂයේදී මෙම පිරිවෙන් අධ්‍යාපන ආයතනය ශ්‍රී ඤාණිස්සර පිරිවෙන් විද්‍යායතනය නමින් අද දක්වා ප්‍රාදේශීය දරුවන්ට සහ සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මහත් මෙහෙවරක් කරනු ලබන බෞද්ධ අධ්‍යාපනයේ තෝතන්නක්‍ම ය. මෙය මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රීක්කයේ විල්ගමුව අධ්‍යාපන කලාපයේ හඳුන්ගමුව නම් ප්‍රදේශයේ පිහිටා ඇති අතර, මාතලේ දිස්ත්‍රික්කයේ ඇති එකම පිරිවෙන් විද්‍යායතනය ලෙස ශ්‍රී ඤාණිස්සර විද්‍යායතනය හැදින්විය හැකිය. වර්ථමානයේ මෙහි ආචාර්ය මණ්ඩලය 25 ක් වන අතර සිසුන් 300 ට ආසන්නව ඉගෙනුම ලබයි.

Translate »
Scroll to Top